Total Pageviews

Wednesday, July 5, 2017

Banana Cake




Most of us are lovers of bananas and chocolates, so here's some good news for those, because this cake is all about the rich taste of ripe bananas, coated with sweet and delicious chocolate on top to make a wonderful and mouthwatering dessert!
[Please scroll down for the English recipe]


අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් ඉදුනු කෙසෙල් ග්‍රෑම් 250
  • බිත්තර 5 (කහ මද සහ සුදු මද වෙන් කර ගන්න)
  • එළවලු තෙල් 60 g
  • කේක් පිටි ග්‍රෑම් 140 (self raising flour)
  • බේ/සෝඩා තේ හැදි 1/4
  • බේ/පවුඩර් තේ හැදි 1/4
  • ලුනු තේ හැදි 1/2
  • සීනි ග්‍රෑම් 100
  • ක්‍රීම් ඔෆ්ටාටා තේ හැදි 1/2

චොකලට් මිශ්‍රණය සදහා-
  • ඩාක් චොකලට් ග්‍රෑම් 100
  • ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4
  • අයිසිං සීනි මේස හැදි 3


සාදන ආකාරය

  • පිටි, බේ/පවුඩර්, බේ/සෝඩා සහ ලුනු දෙවරක් හලාගන්න.
  • කෙසෙල් ගෙඩිවලට මැද නාරටිය වගේ කොටස අයින් කරල ඉතිරි ටික කෑලි නැතිවෙන්නම හැන්දකින් පොඩි කරල ගන්න.
  • දැන් කෙසෙල් සහ පිටි මිශ්‍රණයට එකට කලවම් කර බිත්තර කහමද එකින් එක දමා විස්ක් කරන්න.
  • තෙල් ටික මදක් උණු කර මෙම මිශ්‍රණයටම දමා හොදින් විස්ක් කරන්න.

  • වෙනත් වියළි පිරිසිදු බාජනයකට බිත්තර සුදුමද සහ ක්‍රීම් ඔෆ්ටාටා දමා විනාඩි 2 ක් විතර බීට් කරන්න.
  • දැන් සීනි ටික ටික දමමින් නොනවත්වාම බීට් කරන්න. 
  • මෙම සුදුමද මිශ්‍රණය පින්තූරයේ පෙන්නා ඇති තරමට එනතෙක් බීට් විය යුතුයි.

  • දැන් පිටි මිශ්‍රණයට සුදුමද මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් පැතලි හැන්දකින් අතහෙමින් කවලම් කරන්න.
  • මේ කේක් එක බේක් කරන්න මම ගත්තෙ 20 සෙ.මී. ටියුබ් ට්‍රේ එකක්. ට්‍රේ එකට බටර් තවරාගත් බේකින් පේපර් දමා කේක් මිශ්‍රණය දාන්න.

  • අංශක 160 උෂ්ණත්වයේ පැයකුත් විනාඩි 30 ක් බේක් කරන්න.
  • චොකලට් මිශ්‍රණය සදහා,
  • ඩාක් චොකලට් පොඩි කෑලි කපාගන්න.
  • එයට ෆ්‍රෙෂ් ක්‍රීම් දමා ඩබල්බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දමා දියකරගන්න.
  • පසුව අයිසිං එකතු කර කලවම් කරන්න.
  • බේක් වු කේක් එක උඩින් මෙය දමා ශීතකරණයේ විනාඩි 15 ක් විතර තබා පෙති කපා කැමට ගන්න.


Ingredients:
  • Ripe bananas - 250 g
  • Self raising flour - 140g
  • Baking soda - 1/4tsp
  • Baking powder - 1/4 tsp
  • Salt - ½ tsp
  • Sugar - 100g
  • Vegetable oil - 60g
  • Eggs - 5 (separate the white and the yolk)
  • Cream of tartar - ½ tsp


How to:

  • Swift the flour, baking powder and baking soda twice.
  • Mash the bananas.
  • Mix the flour and mashed bananas. Now, add the eggs one by one into the mixtue and whisk well.
  • Heat the oil and mix it into egg mixture.
  • Now take another clean bowl and add the egg whites and the cream of tartar. Beat for 2mins
  • Then add the sugar little by little while beating the egg white mixture till it forms stiff peaks.
  • Now fold the egg yolk batter and the egg white mixture lightly together with a spatula.
  • Grace the pan with butter paper and pour the cake mixture into it. 
  • Bake the cake for one and half hour at 160 centigrade.

For the chocolate ganache:-
  • Dark chocolate - 100 g
  • Fresh cream - ¼ cup
  • Icing sugar - 3 tbsp
  • Chop the chocolate and mix it with fresh cream. Heat it for 1 minute in the microwave. After the chocolate melts, add the icing sugar. Mix it well. Now pour it on top of the cake and it keep in the fridge for 15mins . 
Now your yummy banana cake is ready to be eaten! 



- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment