Total Pageviews

Saturday, August 19, 2017

සැමන් සහ අල මිශ්‍ර කට්ලට්









  • සැමන් මාලු තම්බාගත් ලොකු අල ගෙඩි 4(අල බෙරි කරගන්න එපා වතුර ගතිය වැඩි වුණාම බෝල කරන්න බෑ), 
  • හීනියට කපාගත් බී ලූනු ගෙඩි 3ක් සහ සුදුලූනු බික් 5-6 
  • හීනියට කපාගත් කරපිංච සහ කොත්තමල්ලි කොල ටිකක්, 
  • ලොකු දෙහි ගෙඩියක යුෂ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුනු, කහ, ගරම්මසාලා


 * වළදකට තෙල් ටිකක් ලිපේ තියල රත්වෙනකොට අබ සහ දුරු ඇට ටිකක් පිපිරෙන්න දාන්න. 

*  එයටම සුදුලූනු, බීලූනු, කරපිංච දාල බදින්න. ලූනු බැදෙනකොට අතින් පොඩිකරගත් මාලු සහ අල දාල කලවම් කරන්න. ඉතිරි පහේ සියල්ලම දමා හොදින් කලවම් කරන්න. විනාඩි 5 ක් පමණ උයාගත්තම ඇති. 

*  දැන් මේක නිවෙන්න තියන්න. 

*  පසුව බෝල හදල බිත්තර සාරුවල තවරා බිස්කට්කුඩු වල දවටන්න. මේ විදියට 2වරක් කරන්න. එහෙම කරාම වැඩිවෙලාවක් ක්‍රිස්පි ගතිය රැදිල තියෙනවා. 

* මෙහෙම හදාගත්ත කට්ලට් හුලන් නොවදින විදියට අසුරා ශීතකරණයේ දවස් 3 ක් තියාගන්න පුලුවන්. අවශ්‍ය වෙලාවට විනාඩි කීපයකට කලින් එළියෙන් තියල රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බදින්න. 

*  තෙල් ගොඩක් රශ්ණයෙන් තියාගන්න එපා වගේම අඩුම රශ්ණයෙන් තියන්නත් එපා කට්ලට් පුපුරනවා. 

*  කට්ලට් දවටන්න ගෙදරම හදාගත්ත පාන්කුඩු (breadcrumbs) ගන්නව නම් හොදයි. කට්ලට් එක රන්වන් පාටට ලස්සනට එනවා. කඩෙන් ගත්තම බැදිල ඉවර වෙනකොට දුඹුරු පාට වෙනවා. ඒ වගේම තමයි පිරිසිදු තෙල්වලින් බදින්න. 

------- 

*** ගෙදරම පාන්කුඩු (breadcrumbs) හදාගන්නෙ මෙහෙමයි

දවස් 2 ක් පරණ වූ පාන් පෙති කීපයක් අරගෙන වාටි කපල අයින් කරල පොඩි කෑලි කඩල ග්‍රයින්ඩ් කරන්න පවුඩර් වෙනකම්ම. මේක ග්‍රයින්ඩ් කරන්න කලින් වේලන්න ඕන නෑ. දැන් මේ බේඩ්ක්‍රම්ස් හුලන් වදින්නෙ නැති භාජනයකට දාල ශීතකරණයේ තියන්න. සතියක් තියාගන්න පුලුවන්.




3 comments:

  1. අපි හැදුවා ඔක්කොම පිපිරුනා :(

    ReplyDelete
    Replies
    1. කට්ලට් පිපිරෙන්න එක හේතුවක් තමයි තෙල් රශ්නය වැඩි වීම. ලිප මද ගින්දරේ තියාගෙන කට්ලට් බදින්න. අනෙක් හේතුව තමයි එක්වතාවක් පමණක් කට්ලට් එකේ කවරය බිත්තරසාරු වල සහ පාන්කුඩුවල දැවටීම. තුනී වැඩි වුණාම පිපිරෙනවා. බිත්තරසාරු සහ පාන්කුඩු දෙවරක් දවටා මද ගින්දරේ කට්ලට් බදින්න.

      Delete
  2. අනේ ඇයි මට මෙහෙම කරන්නෙ.... ඉඳල ඉඳල බඩගිනි වුනා.....

    ReplyDelete