Total Pageviews

Saturday, July 1, 2017

Chocolate Mousse (Pudding)



චොකලට් මූස් කිව්වම අපේ රටට ආවේණික අතුරුපසක් නොවුණත් තරු පහේ ප්‍රසිද්ධ හෝටල්වල ඉතා ඉහළ ඉල්ලුමක් පවතින රෝයල් ආකාරයේ අතුරුපසක් බවට පත්වෙලා තියෙනවා. ඒ  නිසා මේ ගැන දැනුවත් වෙන්න කැමති පිරිස බොහොමයක් හෙයින් ඉතාමත් සරළව හදන විදියක් තමයි අද කියන්න යන්නෙ.

Chocolate Mousse, also known as French Foam, is a light and creamy dessert that pairs well for an evening dessert with tea or a cup of coffee. While it looks sophisticated and complex, something close to a royal evening snack, chocolate mousse is in fact, quite simple to make. While being easy and less time consuming, the presence of this mousse when serving your guests some snacks will definitely impress them to the max. [Please scroll down for the English recipe]

Sinhala Recipe:

අවශ්‍ය ද්‍රව්‍ය


  • විප් ක්‍රීම් කප් 2
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • වැනිල බින්දු 3 ක් සහ රෝස් එසන්ස් බින්දු 1
  • ඩාක් ස්වීට් චොකලට් ග්‍රෑම් 100 (රස අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඩාක් චොකලට් යොදාගන්න)
  • කොකොපවුඩර් මේස හැදි 3
  • ජෙලටින් මේස හැදි 1 ක් උණුවතුර මේස හැදි 3කට දාල දිය කරන්න.
සාදන ආකාරය
  • විප්ක්‍රීම් හොදින් බීට් කරන්න ඝන වේගෙන එනකොට මිල්ක්මේඩ් දාල නැවත බීට් කරන්න. 
  • වැනිල සහ රෝස් එසන්ස් එකතු කරන්න. 
  • දියකරගත් ජෙලටින් ටික ටික එකතු කරමින් නොනවත්වා බීට් කරන්න. 
  • අන්තිමට කොකොපවුඩර් එකතු කර අඩුම ස්පීඩ් එකෙන් විනාඩියක් බීට් කරන්න. 
  • බටර් තවරාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාල ශීතකරණයේ තියන්න වි.30 ක් පමණ. 
  • උඩ තියෙන චොකලට් ලේයර් එක සදහා ස්වීට් චොකලට් විප් ක්‍රීම් කෝප්ප ¼ ක් සමග දියකර (ඩබල් බොයිල් හෝ මයිකොවේව් එකේ විනාඩියක්) නිවුන පසුව විප් මිල්ක්මේඩ් මිශ්‍රණය උඩින් දාන්න. 
  • මෙය අධිශීතකරණයේ පැය 6 ක් පමණ තබා කෑමට ගන්න. 
  • තමන් කැමති විදියකට සරසගන්න පුලුවන්. 
  • මම සැරසීම සදහා ග්‍රේට් කරගත් ස්වීට් චොකලට්, චොකලට් චිප්ස් සහ චෙරි දාල තියෙන්නෙ. 
  • ෆුඩ් පොලිතින් කවරයකින් වහල දවස් 5 ක් පමණ තියාගන්න පලුවන්.

English Recipe

Ingredients:

  • Whipped cream - 2 cups
  • Milk maid small - 1 tin (aka condensed milk)
  • Vanilla essence - 3 drops
  • Rose essence - 1 drop
  • Dark sweet chocolate - 100g (if you want to lessen the sweetness, use the original dark chocolate)
  • Cocoa powder - 3 tbsp
  • Gelatin - 1 tbsp (add 3 tbsp of hot water into it and dissolve it)

How to:



  • Firstly, beat the whipped cream.
  • When it fluffs and becomes forms stiff peaks, add the milkmaid into it. 
  • Add the vanilla along with the rose essence into the whipped cream mixture. 
  • Add little amounts of gelatin while continuously beating the mixture. 
  • At last, add the cocoa powder and beat it in low speed for about 1 minute. 
  • Coat the tray with butter and pour the beaten mixture into it. 
  • Place it in the de-freezer for 30 minutes. 
  • For the top layer, melt whipped cream as well as the chocolate (to melt the chocolate, either double boil it or place it in the microwave for 1 minute). 
  • After it cools down, take the tray we placed in the fridge and pour the chocolate cream on top of it. 
  • Spread it so that it makes a chocolate layer, and keep it in the de-freezer for 6 hours. 
  • For decoration, I sprinkled grated chocolate on top, along with cherries and chocolate chips. However, feel free to let your creativity run wild.
  • For preserving the dish, cover it with a cellophane wrapper and keep it in the de-freezer.
  • Cut out a piece whenever you feel like it and enjoy the taste of rich, thick chocolate sweetness!






- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment