Total Pageviews

Monday, July 3, 2017

Mixed Vegetable Roti




කෑම හදනකොට නිතරම පෝෂණය ගැන මුලින්ම හිතන්න ඕනේ.  පිටි සහ පොල් විතරක් දාල හදන රොටියට වැඩිය එයට එළවලු සහ බිත්තර යොදාගෙන සම්පූර්ණ පෝෂණ ගුණයෙන් වැඩිවෙන ආකාරයට තමයි මේ රොටි හදල තියෙන්නෙ.


අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 750 g
  • බිත්තර 4
  • බටර් 150 g හෝ එළවලු තෙල්
  • සැමන් කෑලි කීපයක්
  • මම රොටි ඇනුවෙ ෆ්‍රෙෂ් මිල්ක් වලින්. කැමති නම් වතුරෙන් අනාගන්න.
  • ගෝවා, කැරට්, ලූනුකොල, බෝංචි, අමු මිරිස්, සුදුලූනු, බී ලූනු, කරපිංච, කො/මල්ලි කොල කියන මේ සියල්ලම පුලුවන් තරම් හීනියට කපාගන්න.


සාදන ආකාරය

  • තෙල් ටිකක් ලිපේ තියල අබ, සූදුරු, සුදුලූනු, කරපිංච සහ ලූනු දාල තෙම්පරාදු කරගන්න. 
  • ගම්මිරිස් තේ හැදි 1/2, කෑලි මිරිස් තේ හැදි 1 සහ කහ තේ හැදි 1/4 ක් දාල කලවම් කරල ලූනු ටික බැදුනම ලිප නිවන්න. 
  • දැන් සැමන් සහ කපාගත් ඉතිරි සියල්ලම දාල කලවම් කරන්න. 
  • ලිපේ තියල ආයෙත් උයන්න එපා. 
  • ලොකු භාජනයකට පිටි, බිත්තර, බටර් සහ ලුනු දාල අනන්න. මෙයටම තෙම්පරාදු කරගත් එළවලු ටික දාල අනන්න. පසුව කිරි ටික ටික දමමින් අතේ ඇලෙන්නෙ නැති පදමට එනකම් පිටි මෝලිය අනාගන්න. 
  • පැයක් විතර වහල තියන්න. කිරි ගොඩක් යන්නෙ නෑ කෝප්ප 1/4 ක් වගේ තමයි යන්නෙ. 
  • පසුව පොඩි බෝල හදල පිටි ඉසගත් ලෑල්ලක රොටිය තුනී කරල රත්වූ තැටියට දාල දෙපැත්ත පුච්ච ගන්න සාමාන්‍ය රොටි හදනව වගේම. 


Ingredients:


  • Flour - 75g
  • Eggs - 4
  • Butter - 150g (or vegetable oil)
  • Salmon pieces
  • Fresh milk/Coconut milk for mixing into the flour dough
  • Chop some cabbage, carrot, spring onion, beans, green chili, garlic, curry leaves & coriander leaves

How to:

  • Heat some oil into the pan.
  • Add some cumin and mustard seeds and let them pop.
  • Add the chopped garlic and curry leaves
  • Add pepper 1/2 tsp, Chili flakes 1 tsp, Turmeric 1/4 tsp, onion and mix them well. Let them be till they turn into a golden brown colour before switching off the flame.
  • Add the salmon and the rest of the chopped ingredients and mix it into the pan as well (without any flame).
For the dough:
  •  Mix the flour, egg and salt together while adding some milk.
  • Keep it aside for 1 hour.
  • Now you can prepare the roti in the normal way.
You can now enjoy your wonderful meal!







- Wasana Mayadunne @rasarasoi

2 comments:

  1. ඔන්න මං තමයි ඉස්සෙල්ලම කොමෙන්ටෙක දාන්නෙ. රොටි ගැන කියද්දි පරාටා ගැන කියන්නම එපායැ. ඒ ගැනත් සඳහනක් කරන්න. නැවුම් කිරි වෙනුවට අපේ ගෙදර තියෙන පිටි කිරි දියකරලා හදාගන්න කිරි හෝ පොල් කිරි දාගත්තට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පිටිකිරි පැණිරස නිසා රොටි සමග ඒ තරම් ගැලපීමක් නෑ. නැවුම් එළකිරි වෙනුවට පොල්කිරි යොදාගන්න පුලුවන්.

      Delete