Total Pageviews

Sunday, July 2, 2017

Milky Loaf (Cow Print)




හැමදාමත් කන පාන්පෙත්ත ටිකක් වෙනස් විදියට ඒ කිව්වෙ පුල්ලියගෙ ඇගේ තියෙන වයිරම්  හැඩයට පාන්පෙත්තක් දැක්කම පොඩි බබාල වගේම වැඩිහිටි අයත් පුදුමයට පත් කරවන්න පුලුවන්. බොහොම සරළ ආකාරයට මම පැහැදිලි කරන්නම් කොහොමද හදන්නෙ කියලා. සාමාන්‍යයෙන් හදන පාන් වලට වැඩිය ගොඩක් රසයි 


අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිට් 300 g
  • බටර් හෝ මාජරින් 50g
  • සීනි මේස හැදි 1
  • බිත්තර 1
  • පිටි ඇනීම සදහා ෆ්‍රෙෂ් මිල්ක් (මද රශ්ණයෙන් තිබිය යුතුයි)
  • යීස්ට් මේස හැදි 1
  • ලුනු තේ හැදි 1
  • (බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි)



සාදන ආකාරය


  • ලොකු භාජනයකට කිරි දියර හැර අනෙක් සියල්ල දමා කලවම් කරන්න.
  • දැන් කිරි ටික ටික එකතු කරමින් අනන්න. වතුර එකතු කරන්න එපා. කිරි පමණක් එකතු කරන්න.
  • මේ පිටි ඩෝ එක අඩුම තරමෙ විනාඩි 20 ක් අනන්න ඕන. පසුව තෙත රෙදි කෑල්ලකින් වහල තියන්න. පැයක් විතර යනකොට ඩෝ එක පිපිල දෙගුණයකටත් වඩා වෙනවා. මතක තියාගන්න ඩෝ එක අනන තරමට තමයි බනිස් සොෆ්ට් වෙන්නෙ ඒ වගේම හොදට පිපිල එන්නෙ.
  • පිටි මෝලිය හොදින් පිපුනට පස්සේ නැවත විනාඩි 5 ක් විතර අතින් අනල ඩෝ එකෙන් 1/4 ක පමණ ප්‍රමාණයක් අයින් කරල එයට කලුපාට වර්ණ බිංදුවක් දාල අනන්න.
  • මුලින්ම කලුපාට කොටස කොස් 8 කට බෙදාගන්න.
  • සුදු පාට කොටසත් කොටස් 8 කට බෙදාගන්න.
  • කලු එක් කොටසක් ගෙන තුනී කර එක් කොනක සිට අනෙක් කොනට රෝල් කරන්න.
  • දැන් සුදු එකෙන් එක් කොටසක් ගෙන තුනී කර රෝල්කර ගත් කලු කොටස ඊට උඩින් තියල එය නොපෙනෙන විදියට රෝල් කරන්න.
  • මේ විදියට ඉතිරි සියල්ලම කරල බටර් ගාගත් පාන් ටින් එකක අතුරා නැවත දෙගුණයක් වනතෙක් පිපෙන්න තියන්න.

  • 180 උෂ්ණත්වයේ පැය 1/2 ක් බේක් කරන්න. 






English Recipe

Recipe for the dough
  • 375gm bread flour
  • 35gm sugar
  • 1tsp instant yeast
  • 1/2 tsp salt
  • 250ml milk
  • 20gm softened unsalted butter
  • 5gm bamboo charcoal powder (I used black food colouring)
  • 10ml milk

Mix bread flour, sugar, and yeast together. Give it a stir before add in salt and then milk. Mix it well and knead it into a rough dough. Then add the softened butter and knead for 20mins, or till it pass the stretching test.

Divide the dough into 2 portion. Cover 1 portion of the dough and let it rise for 1 hour. Add bamboo charcoal powder and milk into another portion and knead to well combine. Cover and let it rise for 1 hour.

After 1 hour deflate the plain dough and randomly cut into 6 portion. Set aside.

Deflate the black dough and cut out 2/3 of the dough then divide randomly into 6 portion. Do the same to the other 1/3 dough.

Flatten and roll the bigger black dough and roll it like swiss roll, set aside. Then flatten and roll the smaller black dough and roll it like a swiss roll too. Merge this two together. Set aside.

Flatten and roll the white dough big enough to cover the black dough and wrap it up. Try to cover it properly without seeing the black dough (my 1st 2 can see black dough but it doesn't affect much of the outcome).

Do the same for all 6 dough..then randomly stack it inside the Pullman tin. Cover with a plastic wrap and let it rise till 90% full then cover the tin and let it rise for at least 20mins.. 

Bake in preheated fan force 180c oven for 30mins in the middle rack.

Unmould and let it cool completely before slicing.




Recipe Credit: Vanessa Vie
- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment