Total Pageviews

Sunday, July 2, 2017

Mutton Biriyani




දකුණු ඉන්දියාවෙන් අපට ලැබුණු ඉතාමත් රසවත් කෑමක් තමයි බිරියානි කියන්නෙ. යොදාගන්නා කුළුබඩු  සහ පිසීමට වැය වන කාලය වැඩි වුවත් අවසානය දුටු සැනින් කටට කෙළඋනන රසවත් බිරියානි එකක් රසවිදීමෙන් ගතවූ කාලය සහ මහන්සිය සම්පූර්ණයෙන්ම වියැකී යනු නොඅනුමානයි. විවිධ වර්ගයේ බිරියානි වර්ග අතරින් අද කියන්න යන්නෙ එළුමස් බිරියානි එකක් හදන විදියයි. ඉතාමත් සරලව සහ පියවරෙන් පියවර මෙහි සටහන් යොදා ඇත.


අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හාල් 500 g
  • මට්න් 500 g (කැමති නම් චිකන්)
  • මුදවපු කිරි කප් 2
  • ටොමැටෝ පිවුරි කප් 1
  • ෆ්‍රෙෂ් ක්‍රීම් කප් 1/2 ක් හෝ උකු පොල්කිරි කප් 1( මම ගත්තෙ ෆ්‍රෙෂ් ක්‍රීම්)
  • බැදගත් කජු බීලූනුකරපිංච සහ වියලි මිදි ටිකක් 


සාදන ආකාරය

  • මට්න් හෝ චිකන් ටික ලොකු භාජනයකට දාල මුදවපු කිරි, ලුනු, මිරිස්කුඩු , ගම්මිරිස්, දෙහි ගෙඩියක යුෂ , ඉගුරු සුදුලූනු පේස්ට් මේස හැදි 1 ක් සහ බිරියානි මසාලා පවුඩර් මේස හැදි 2 ක් දාල හොදට කලවම් කරල පැය 2 ක් විතර ශීතකරණයේ තියන්න.
  • දෙහි ගෙඩියක යුෂ සහ එළවලු තෙල් මේස හැදි 3 ක් දාල බත් එක තුන්කාලට උයාගන්න අඩුවෙන් වතුර දාල.
  • වෙනත් භාජනයක් ලිපේ තියල තෙල් ටිකක් දාල රත්වෙනකොට තලාගත් සුදුලූනු ටිකක් සහ හීනියට කපාගත් බී ලූනු ගෙඩි 2 ක් දාල රන්වන් පාට වෙනතෙක් බදින්න.
  • දැන් එයට ටොමැටෝ පිවුරි කප් 1 ක් දාන්න. විනාඩි 5 ක් විතර මද ගින්දරේ බැදෙන්න තියන්න.
  • දැන් කලින් මුදවපුකිරි මිශ්‍ර කර තැබූ මස් ටික දාල විනාඩි 10 ක් විතර බැදෙන්න තියන්න.
  • ෆ්‍රෙෂ්ක්‍රීම් සහ අවශ්‍ය පමණට වතුර දාල මස් ටික වහල තැම්බෙන්න තියන්න. හොදටම හිදෙන්න තියන්න එපා හොදි හිටින විදියට මස්ටික බාන්න. මේ මස් එකේ පාට මම දාල තියෙන පින්තූරෙ පාටටම එනව මේ විදියට ඉව්වම.
  • දැන් මේ උයාගත්ත බත් සහ මස් ව්‍යංජනය කොටස් වශයෙන් වෙන වෙනම දාන විදිය බලමු.
  • ලොකු භාජනයකට මුලින්ම බත් දාන්න.
  • ඊට උඩින් උයාගත් මස් කරි ටිකක්, කජු, මිදි සහ බැදගත් ලූනු දාන්න.
  • සැෆ්රන් වතුර හෝ කහ දියර ටිකක් උඩින් ඉහින්න. රතුපාට සදහා තම්බාගත් බීට් වතුර මම පාවිච්චි කරේ. බීට් ගෙදර නැති නම් ෆුඩ් කලරිං බිංදුවකට වතුර ටිකක් දාල දිය කරල උඩින් තැනින් තැන දාන්න පාට වෙන්න. ගොඩක් දාන්න එපා.
  • මේ ආකාරයට කොටස් තුනකට එන විදියට මාරුවෙන් මාරුවට ඉතිරි ටිකත් ලේයර් කරන්න‍.
  • දැන් බිරියානි තියෙන භාජනය හොදට තද වෙන්න කෙසෙල් කොලයකින් වහල ඊට උඩින් තව පියනකින් තද වෙන්න වහල අඩුම ගින්දරේ විනාඩි 10 ක් පමණ උයාගන්න. දරලිපේ නම් අගුරු උඩ තියන්න පත්තු කරන්නෙ නැතුව. ලේයර් විදියට තියෙන බිරියානි එක කලවම් කරන්න එපා. එහෙම වුණොත් වර්ණක සහ පහේ වර්ග එකතුවෙලා බත් එක සම්පූර්ණයෙන් දුඹුරු පාට වෙනව. බත් එක බෙදන විටත් කලවම් නොවෙන විදියට ලේයර්ස් ඔක්කොම එකවර හැන්දට එනවිදියට අරගෙන බෙදන්න. දැන් කැමති විදියකට සරසල කෑමට ගන්න.


- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment