අවශ්‍ය ද්‍රව්‍ය
- රතු අමු මිරිස් 500 g
- බී ලූනු 250 g
- සුදුලූනු 50 g
- ඉගුරු කෑල්ලක් විනාකිරි මේස හැදි 2
- ලුනු සහ සීනි මිරිස්, ලූනු, සුදුලූනු සහ ඉගුරු පොඩියට කපා බාජනයකට දාල එක වැහෙන්නම උඩටම වතුර දාල ලිපේ තියන්න. අඩුම ගින්දරේ තම්බගන්න.
- වතුර කෝප්ප 1 ක් ඉතුරුවෙන තරමට හින්දව ගන්න. දැන් නිවෙන්න තියල ග්‍රයින්ඩ් කරන්න.
- පසුව එය පෙරාගෙන බාජනයකට දාල නැවත ලිපේ තියන්න. මෙයට ලුනු සහ සීනි අවශ්‍ය පදමට රස බලල දාන්න. මිරිස්වල සැර අඩුවෙන්න ලුනු සහ සීනි පදමට තිබිය යුතුයි.
- දැන් මෙය උකුවෙනතුරු හැදිගාන්න. සෝස් එක උකුවට ආවම විනාකිරි කලවම් කර ලිප නිවන්න.
- මෙය හොදින් නිවුණ පසුව ජීවානුහරනය කරගත් බෝතලයකට දාල වහල තියන්න.
- බෝතල් ජීවානුහරණය කරන්නෙ මෙහෙමයි, ලොකු භාජනයකට සෝදා පිරිසිදු කරගත් වීදුරු බෝතලය දාල ඒක වැහෙන්නම වතුර දාන්න. දැන් මෙය විනාඩි 5 ක් පමණ හොදට නටන වතුරෙ රත්වෙමින් තියන්න. පසුව ඉවතට ගෙන වතුර බේරා සෝස් දමා මූඩිය තද කරවහන්න.
Ingredients:
- Raw red chili - 500g
- Onion - 250g
- Garlic - 50g
- Ginger - one small piece
- Vinegar - 2tbsp
- Salt to taste
How to:
- Mix all the ingredients (except vinegar) together.
- Pour some water till the ingredients get covered.
- Cook it in low flame till the remaining water is around 1 cup.
- Let it cool before grinding it.
- Then strain it.
- Keep the chili puree in low flame.
- Add some sugar to lessen the spiciness.
- Stir the mix till it turns into a thick puree
- Now add the vinegar. Switch off the flame.
- Pour it into a jar for preservation.
- Wasana Mayadunne @rasarasoi
No comments:
Post a Comment