Total Pageviews

Wednesday, September 6, 2017

චොක්ලට් මූස් / Chocolate mousse



මේ චොක්ලට් මූස් එක ලේයර්ස් 4 කට හදල තියෙන්නෙ.


අවශ්‍ය ද්‍රව්‍ය:-

  1. බිත්තර කහ මද 2
  2. විප් ක්‍රීම් කෝප්ප 1
  3. ඩාක් චොකලට් 250 g (ස්වීට් චොකලට් ගන්නව නම් සීනි දාන්න එපා.)
  4. සීනි 100 g (රස අනුව සීනි අඩු වැඩි කරගන්න)
  5. බ්‍රැන්ඩි මේස හැදි 1 (බ්‍රැන්ඩි කැමති නැත්නම් රෝස් එසන්ස් බින්දු දෙකක් දාන්න)
  6. වැනිල තේ හැදි 2
  7. පොඩියට කඩාගත් චොක්ලට් කේක් හෝ වැනිල කේක් ටිකක්
  8. පොඩියට කඩාගත් බිස්කට් කෑලි ටිකක් (කුඩු කරන්න එපා)




හදන්නෙ මෙහෙමයි

* බිත්තර කහමද 2 සහ සීනි 50 g ඩබල් බොයිලිං ආකාරයට තබා නොනවත්වා වේගයෙන් විස්ක් කරමින් ක්‍රීම් ආකාරයට එනතෙක් අඩුම ගින්දරේ විනාඩි 2 ක් පමන බොයිල් කරන්න. පසුව ලිපෙන් ඉවතට ගෙන හුමාලය යනතෙක් විස්ක් කර පසෙක තියන්න. කැටි ගැහෙන්න දෙන්න එපා. ක්‍රීම් එකක් එන විදියට හදාගන්න. අනිවාර්යයෙන්ම විස්ක් එකක් පාවිච්චි කරන්න එතකොට කැටි ගැහෙන්නෙ නෑ.

* චොකලට් ඩබල් බොයිල් කර නිවෙන්න තියන්න.

* වෙනම භාජනයටක විප්ක්‍රීම් සහ ඉතිරි සීනි දමා ඝනකමට හිම වගේ වෙනකම්ම බීට් කරන්න.

* බිත්තර සහ දියකරගත් චොකලට් එකට දමා විස්ක් කරන්න. එයටම වැනිලා සහ බ්‍රැන්ඩි එකතු කරන්න.

* දැන් විප් කර ගත් ක්‍රීම් එක ටික ටික චොකලට් මිශ්‍රණයට එකතු කරමින් පැතලි හැන්දකින් අත හෙමින් කලවම් කරන්න.

* මේ විදියට හදාගත් මූස් පොඩි කප් වලට දාල කැමති විදියට සරස ගන්න. ශීතකරණයේ පැය 3-4 ක් තියල කෑමට ගන්න.

ලේයර්ස් 4 දාන්නෙ මෙහෙමයි,

1. මුලින්ම අතින් කුඩු කරගත් චොක්ලට් කේක් හෝ කැමති නම් වැනිලා කේක් ටිකක් දාන්න.

2. දෙවැනි ලේයර් එකට චොක්ලට් මූස් ටිකක් දාන්න.

3. තුන්වැනි ලේයර් එකට කුඩු කරගත් බිස්කට් දාන්න. මම දැම්මෙ වේෆස් සහ රෝල්ස්ටික් බිස්කටර්.

4. හතරවැනි ලේයර් එක විදියට නැවත චොක්ලට් මූස් දාන්න.

* අන්තිමටම උඩින් ගාගත් චොකලට් ටිකක් සහ චොකොචිප්ස් ටිකක් දාල කැමති විදියකට සරසන්න.

* ශීතකරණයේ පැය 3-4 ක් තියල කෑමට ගන්න.