Total Pageviews

Sunday, July 2, 2017

Savory Egg Roti


බිත්තර රොටි කිව්වම පාන් පිටිවලින් හදපු රොටි අපි හැමෝම රසවිදල තියෙනවා. ඒත් මේක ටිකක් වෙනස් විදියකට පෝෂණයෙන් වැඩි ආකාරයට හදන්න පුලුවන්ද කියල කෙනෙකුට හිතෙයි. ඔව් ඇත්තටම පුලුවන්.  රස සහ පෝෂණ ගුණයෙන් වැඩි විදියට ආට පිටි යොදාගෙන තමයි මේ රොටි හදල තියෙන්නෙ.  


අවශ්‍ය ද්‍රව්‍ය


  • ආට පිටි 300g
  • පාන් පිටි 100g
  • බේ/පවුඩර් තේ හැදි 1
  • තෙල් අවශ්‍ය පමණ
  • බිත්තර 6 





සාදන ආකාරය

  • පිටි, බේ/පවුඩර් සහ ලුනු එකට දාල වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන තරමට පිටි ඩෝ එක අනාගෙන ඩෝ එක වටේට හොදට තෙල් ගාල පැයක් විතර වහල තියන්න.
  • බිත්තර 6 ක් කඩල බාජනයකට දාන්න. ඒකටම හීනියට කපාගත් කැරට්, ලූනු කොල, කරපිංච, අමු මිරිස්, ලූනු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ රස අනුව ලුනු දාල ගෑරුප්පුවකින් තට්ටු කරමින් හොදට මිශ්‍ර කරන්න.
  • පිටි ඩෝ එකෙන් පොඩි බෝල හදල හොදින් තෙල් තවරන්න.
  • දැන් ලෑල්ලකට මේ බෝල තුනී කරන්න. ලෑල්ල විනිවිද පේන තරමටම පිටි බෝලෙ තුනී වෙන්න ඕනෙ.
  • දැන් ඒ මත නැවත තෙල් හොදට ගාල යන්තම් රශ්නෙ තියෙන පෑන් එකට දාන්න.
  • ඊට උඩින් කලින් හදාගත් බිත්තර මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් මේ රොටිය උඩට විසිරිලා යන්න දාන්න. තත්පර කීපයක් ගියාම රොටිය හතර පැත්තෙන්ම නවන්න කොටුවක් හැඩයට එන විදියට.
  • දැන් රොටියෙ දෙපැත්තම පුලුස්ස ගන්න. ගොඩක් වෙලා ලිපේ තියන්න එපා හයි වෙනවා. ඒ වගේම ලිප අඩු කරගෙන රොටි හදන්න නැත්නම් කර වෙනවා.

- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment