Total Pageviews

Friday, June 30, 2017

Watermelon Jello Biscuit Pudding


Watermelon that is considered primarily to be a summer treat can now be enjoyed during any day of any season by preparing this simple pudding that brings back the fresh taste of watermelon. [Please scroll down for the english recipe]
පිපාසය සන්සිදුවීමට මෙන්ම ශරීරයේ උෂ්ණතා මගහැරවීමට බොහෝ සේ උපකාරී වන පළතුරක් ලෙස කොමඩු හැදින්විය හැකිය. මෙම සරළ සහ ඉතාමත් රසවත් ඇස සේම දිව පිනායන  පුඩිමක් නිවසේදීම  ඔබ විසින් සකස් කර සංග්‍රහ කරන අවස්ථාවේ අමුත්තන් මවිතයට පත්කරවීමට ඔබටත් පුලුවන් නම්?? ඔව් අනිවාර්යෙන්ම ඔබට පුලුවන්. එහෙම නම් බලමු මේ රසවත් පුඩිම හදන විදිය,


Sinhala Recipe

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් 400 g 
  • පොඩි මිල්ක්මේඩ් ටින් 1 
  • ස්ට්‍රොබෙරි ජෙලි පැකට් 1 
  • කොමඩු කෝප්ප 1 (වතුර නොදා බ්ලෙන්ඩ් කරගත්) 
  • බටර් 200g 
  • පැන්ඩන් පවුඩර් මේස හැදි 2 ක් හෝ කොලපාට ෆුඩ් කලරිං බින්දු කීපයක් 
  • ජෙලටින් මේස හැදි 2 

සාදන ආකාරය

  • මාරි බිස්කට් කුඩු කර ගන්න. 
  • එයට දිය කර ගත් බටර් සහ පැන්ඩන් පවුඩර් හෝ කලරිං දමා කලවම් කරන්න. 
  • රූපයේ පෙන්නා ඇති පරිදි බිස්කට් මිශ්‍රණයට රවුම් ටින් එකක වටේට සමව හිටින විදියට අතින් හදාගෙන විනාඩි 30 ක් ශීතකරණයේ තියන්න. 
  • බිස්කට් වෙනුවට කොමඩු ගෙඩියෙන් රවුම් පෙත්තක් කපල මැද අයින් කරල වටේ පොත්ත කොටස ගන්නත් පුලුවන්. එහෙම නැතිනම් කේක් කුඩු කරල කොල පාට අයිසිං දාල මිශ්‍ර කරල කොමඩු ගෙඩියෙ පොත්ත හදාගන්නත් පුලුවන්. 
  • ජෙලටින් වලට උණුවතුර කෝප්ප ½ ක් දමා දිය කරගන්න. 
  • ගැඹුරු භාජනයකට මිල්ක්මේඩ් සහ එම ටින් එකෙන් පිර වූ වතුර 1 ක් දමා කලවම් කරන්න. 
  • එයටම දියකර ගත් ජෙලටින් වලින් කෝප්ප ¼ ක් දමා හොදින් කලවම් කරන්න.
  • බිස්කට් මිශ්‍රණය සෙට් වුණාට පසුව ට්‍රේ එකේ හරි මැදට වතුර පුරවා ගත් පොඩි රවුම් ටින් එකක් තියන්න. 
  • සෙට් වූ බිස්කට් මිශ්‍රණය සහ වතුර පිරවූ ටින් එක අතර මැදින් මිල්ක්මේඩ් මිශ්‍රණය දමා සෙට් වෙන්න තියන්න. (රූප සටහන් බලන්න) 
  • පැකට්ටුවේ සදහන් පරිදි ස්ට්‍රෝ බෙරි ජෙලි එකට උණුවතුර දමා දියකරන්න. එයටම ඉතිරි ජෙලටින් දියර සහ බ්ලෙන්ඩ් කර ගත් කොමඩු එකතු කර හොදින් කලවම් කරන්න. 
  • මිල්ක්මේඩ් තට්ටුව සෙට් වුණාට පසුව මැද තියෙන වතුර පිරවූ ටින් එක හෙමින් අයින් කරන්න. 
  • මුලින් වතුර අයින්කර පසුව එම ටින් එක පිහි තුඩින් හෙමින් බුරුල් කරමින් ගලවන්න. 
  • දැන් ටින් එකේ මැද තිබෙන හිස් කොටසට ජෙලි කොමඩු මිශ්‍රණය දමා නැවත පැය 8 ක් හෝ රැයක් සම්පූර්ණයෙන්ම සෙට් වෙන්න තියන්න. 
  • පසුව කැමති ආකාරයට සරසා ගන්න.

English Recipe

Ingredients:

  • Mari biscuit - 400g 
  • Sweet condensed milk - 1 small tin 
  • Strawberry jelly packet - 1 
  • Blended watermelon - 1 cup 
  • Pandon powder - 2tbsp or Edible green food colouring 
  • Gelatin - 2tbsp Butter - 200g 


How to:


  • 1) Crush the biscuit and add the melted butter and food colouring into it and then mix it well.
  • 2) Now place the crumb mix around the tin as shown in the picture below and keep it in the fridge for 30mins. 




  • 3) Dissolve the gelatin with 1/2 a cup of hot water. 
  • 4) Now pour the condensed milk into a bowl.
  • 5) Fill the condensed milk tin with water and add it into the bowl. 
  • 6) Add 1/4 cup of gelatin into the mixture and mix it well. 
  • 7) Now place a bowl filled with water in the middle of the tin where we placed our crumb mix and pour the condensed milk around the bowl.

  • 8) Leave it to set for around 2 hours. 
  • 9) Make the strawberry jelly as instructed in the packet. 
  • 10) Pour the blended watermelon and the left over gelatin and mix it well. 
  • 11) Remove the water bowl from the tin and pour the jelly mixture instead.

  • 12) Now keep this in the fridge for 8 hours or overnight.
  • 13) Once it's set, place the watermelon seeds on top of the jelly and your watermelon jello biscuit pudding is ready to be served!



-By Wasana Mayadunne @Rasarasoi

No comments:

Post a Comment