බිත්තර සහ කුකුලුමස් මිශ්‍ර සැන්විචස් / Sandwiches
*ලොකු පාන් පෙති 10 ක් සදහා කුකුල්මස් ග්‍රෑම් 200 කට වඩා අඩු ප්‍රමාණයක් ගන්න.
කුකුළු මස්වලට ලුනු, ගම්මිරිස් සහ ගොරකා දමා බාගෙට තම්බා ගන්න. ගොරකා නොමැති නම් විනාකිරි ස්වල්පයක් දමන්න. බාගෙට තැම්බුණු කුකුළු මස් වලට ගාගත් චීස් කෝප්පයක් දමා සම්පූර්ණයෙන්ම තම්බා ගන්න. පසුව මෙය නිවෙන්න තබා කටු ඉවත් කරගන්න.

පෑන් එකකට බටර් ටිකක් දමා අබ ඇට ටිකක් ලූනු, ජින්ජර් ගාලික් පවුඩර්, කෑලි මිරිස් ස්වල්පයක් දමා තෙම්පරාදු කර කලින් තම්බා ගත් කුකුළු මස් ද එකතු කර තෙම්පරාදු කරන්න. මෙයටම තම්බාගත් බිත්තර පොඩියට කපා එකතු කරන්න. අන්තිමට දෙහි යුෂ දමා කලවම් කරන්න.
දැන් සැන්විචස් හදමු
පාන් පෙති වල වටේ කපා බටර් ගාගන්න. දැන් තෙම්පරාදු කර ගත් කුකුළු මස් මිශ්‍රණය තබා සැන්විචස් හදාගෙන කැමති හැඩයකට කපාගන්න. තමන්ට කැමතිනම් මෙම සැන්විචස් ටෝස්ට් කරගන්නත් පුලුවන්.
ඔවා දාල ඉතින් අහින්සක අපේ හිත් රිද්දන්න එපා පුතී.....
ReplyDeleteඅපි අයින් වීලා පයින් යමු පුතී... අල්ල ගන්න මගෙ සුලැඟිල්ල
Delete