Total Pageviews

Saturday, July 1, 2017

Chicken/Mutton Pickle Gravy



අවිවේකී අවස්ථාවක අච්චාරු රසැති මෙම  කුකුළු
මස් කරිය පහසුවෙන් සහ ඉක්මනින් හදාගන්න පුලුවන්. මේ සමග බත්, රොටි
සහ පාන් යන ඕනෑම දෙයක් සමග කදිමට ගැලපෙනවා    

This spicy gravy is a perfect side dish that adds a savory pickle-like flavour to the every day taste of rice, roti or bread. Despite being able to spice up your normal rice or roti, this gravy is very simple to make. [Please scroll down for the English recipe]


Sinhala Recipe:

අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් හෝ මට්න් ග්‍රෑම් 500
මැලේ අච්චාරු කෝප්ප 1/2
මුදවපු කිරි හෝ යෝගට් කෝප්ප 1(පැණිරස එක පාවිච්චි කරන්න)
මිරිස්කුඩු තේ හැදි 2
කහකුඩු තේ හැදි 1/2
ගම්මිරිස් තේ හැදි 1
එන්සල් කරාබුනැටි කුරුදු
පොඩියට කපාගත් ඉගුරු, සුදුලූනු සහ බීලූනු
රස අනුව ලුනු

සාදන ආකාරය

චිකන්, මැලේ අච්චාරු, යෝගට් සහ ලුනු එකට දමා කලවම් කර පැයක් පමණ ශීතකරණයේ තියන්න. යෝගට් හෝ මුදවපු කිරි පැණි රස නොමැති නම් හකුරු ටිකක් එකතු කරන්න.
තෙල් ටිකක් ලිපේ තියල රත්වෙනකොට අබ සහ සූදුරු දාන්න. එය පිපිරෙනවිට පොඩියට කපාගත් ඉගුරු, සුදුලූනු සහ බීලූනු දාල බැදෙන්න තියන්න. එයටම කරපිංචද එකතු කරන්න. එය බැදුනු පසුව ඉතිරි පහේ වර්ග සියල්ලම දමා බැදෙන්න තියන්න.
පසුව සීසන් වෙන්න තැබූ චිකන් එකතු කරන්න. එය ටික වෙලාවක් තෙලේ තෙම්පරාදු වෙන්න තියල අවශ්‍ය පමණ වතුර දාල ග්‍රේවියට එනතෙක් උයාගන්න.

English Recipe

Ingredients:

  • Chicken/mutton - 500g
  • Malay pickle - ½ cup
  • Sweet curd/yogurt - 1 cup
  • Paprika powder – 2 tsp
  • Turmeric powder – ½ tsp
  • Black pepper -1 tsp
  • Cloves cardamom and cinnamon stick
  • Chopped ginger, onion and garlic
  • Salt to taste

How to:

  • Marinate the chicken/mutton with malay pickle, curd, salt and keep it in the fridge for 1 hour.
  • Heat up the pressure cooker and add some vegetable oil into it.
  • As the oil heats up, add the mustard and cumin seeds and let it pop and crackle.
  • Now add the chopped ginger, onion, garlic and some curry leaves.
  • Fry it till it turns into a brown colour and add the rest of the spices into it as well.
  • Once everything is properly mixed, add the marinated chicken/mutton into the cooker and temper it for 5 minutes.
  • Add as much as water that you think is necessary and mix it well.
  • Shut the pressure cooker with the lid and let it cook for 5 whistles.
  • Once everything is prepared, you chicken/mutton pickle gravy is ready to served with freshly made roti, bread or boiled rice. 




- Wasana Mayadunne @rasarasoi

1 comment: